.webp)
පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකි.
අභියාචනාධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා ඔවුන්ට නොතීසි යැවීමට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අද නියෝග කළහ.
පෙත්සම් විභාගය ලබන මස 12 වැනිදා ආරම්භ කිරීමට දින නියම කෙරුණ අතර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන වහාම ඉදිරිපත් කරන්නැයි ද, අභියාචනාධිකරණය ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ ය.
බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස නිගමනය කරන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණේ ඔසඳ ලක්මාල් හේරත් මහතායි.