ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 28-11-2022 | 6:48 AM

දේශීය පුවත්

1..ආහාර මිල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 6 වැනි තැනට: පළමු තැන සිම්බාබ්වේ – අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම  වාර්තාවක දැක්වේ.

2.බන්ධනාගාරගත රැඳවියන්ගේ ධාරිතාවය දෙගුණයකින් ඉහළට… - ඇතැම් බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300%කින්  පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. 

3.ඉන්දියාවේ රෝ ඔත්තු සේවා ප්‍රධානියා බැසිල් රාජපක්ෂත් හමු වූ බවට මාධ්‍ය අනාවරණයක් – ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය වන රෝ හෙවත් පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල් මහතා පසුගිය සතියේ මෙරට ඉහළ පෙළේ නායකයින් හමුවී ඇතැයි අද(27) මාධ්‍ය වාර්තා කර තිබේ. 

4.දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට..  – දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.  


‍5.ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ.. – 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

 
විදෙස් පුවත් 

1.තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..  – තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 


ක්‍රීඩා පුවත්

1.ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි.. – ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය ඊයේ (27) තීරණයකින් තොරව අවසන් විය.