
රාජ්‍ය ආයතනවල උත්සව වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්
රාජ්‍ය ආයතනවල උත්සව වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන මහතා විසිනි.
පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ උත්සව මෙන්ම වෙනත් බාහිර උත්සව සඳහා අරමුදල් වැය කිරීම අත්හිටුවීමට, පසුගිය ජුනි මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එහෙත්, අදාළ නියමයන්ට පටහැනිව තවදුරටත් එවැනි වියදම් දරන්නේ යැයි වාර්තා වන බව, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පෙන්වා දෙන අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා යළි අවධාරණය කරන්නේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරන විවෘත කිරීම්, රාජකාරී භාර ගැනීම හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් දරන වියදම් නතර කළයුතු බවය.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි