යාල වනෝද්‍යානයට අයත් කොටසක් එළිපෙහෙළි කිරීම ගැන වනජීවී අමාත්‍යාංශයෙන් විමර්ශනයක්..

යාල වනෝද්‍යානයට අයත් කොටසක් එළිපෙහෙළි කිරීම ගැන වනජීවී අමාත්‍යාංශයෙන් විමර්ශනයක්..

යාල වනෝද්‍යානයට අයත් කොටසක් එළිපෙහෙළි කිරීම ගැන වනජීවී අමාත්‍යාංශයෙන් විමර්ශනයක්..

කර්තෘ Staff writer

28 Nov, 2022 | 6:53 am

COLOMBO (News 1st) –  යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය, කිසියම් පිරිසක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක්, අද එම ප්‍රදේශය බලා පිටත්ව යන බව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.  

ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දුන් උපදෙස් මතයි.

අදාළ සිද්ධියට වගකිවයුතු සහ රාජකාරී වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානූකූල පියවර ගන්නා බව, චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළා ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]