දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි..

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි..

by Staff writer 27-11-2022 | 10:19 PM

COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද තීරණයකින් තොරව අවසන් විය.

ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි.

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 228කි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, රහ්මනුල්ලා ගුර්බාස් සමගින් ඊබ්‍රහීම් සද්රාන්.

සද්රන් ලකුණු 10යි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ රහ්මනුල්ලා ගුර්බාස් සහ රහ්මට් ෂාහ් ලකුණු 113ක සබදතාවයක් ගොඩනැගූ අතර ගුර්බාස් ලකුණු 68ක් රැස් කළේය.

රහ්මට් ෂාහ් ලකුණු 58යි.

කසුන් රාජිත ලකුණු 31ට කඩුලු 03ක් බිඳ දැමූ අතර මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාර අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේය.

ලකුණු 229ක ඉලක්කයක් හිමිවූ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක.

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 10ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.