.webp)
රටේ අපරාධ හා බන්ධනාගාර තුළ තදබදය..
ඇතැම් බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට බන්ධනාගාර ගතව සිටින සමස්ත රැඳවියන් සංඛ්‍යාව 26,000 කි.
ඒ අතරින් 10,000 සිරකරුවන් වන අතර අනෙක් 16,000 සැකකරුවන් වේ.
2021 වසරේ බන්ධනාගාරගත වූ රැඳවියන්ගේ 74%ක් බන්ධනාගාරගතව ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වන අතර එම සංඛ්‍යාව 13,300කි.
මෙරට බන්ධනාගාර තුළ රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණය 13,200 ක් පමණ වන වේ.
ඒ අනුව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ධාරිතාව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
? Flashback..
පසුගිය මැයි මාසයේ 31 වැනිදා කොළඹ කොටුවේදී අධිකරණයේ පෙනී සිටීමට ගිය දෙදෙනෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පසුව මේ දක්වා ගතවූ කාලය තුළ වෙඩි තබා සිදුකළ ඝාතන ගණන 40කට අධිකය.
වෙඩි තැබීමේ සිද්ධීන් 32 කට වඩා වාර්තා වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගණන 20කට අධික වන අතර පසුගිය ජුනි 01වැනිදා සිට මේ දක්වා දකුණු පළාත තුළ පමණක් වෙඩි තැබීමේ සිද්ධි 18 ක් වාර්තා වී ඇති අතර මිය ගිය ගණන 15 කි.