රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමක්..

ගැටුමක් හේතුවෙන් රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් රෝහලේ..

by Staff writer 27-11-2022 | 3:11 PM

COLOMBO ( News 1 st ) - රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවසන් වසර සිසුන් සහ දෙවැනි වසර සිසුන් අතර ඇතිවූ ගැටුමකදී එම පිරිස තුවාල ලබා ඇති බවය.

තුවාල ලැබූ සිසුන්, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.