කිරිපිටි ආනයනය 50%කින් පහළට

කිරිපිටි ආනයනය 50%කින් පහළට

by Staff writer 27-11-2022 | 8:56 AM

COLOMBO (News 1st) - කිරිපිටි ආනයනය 50%කින් පහළ ගොස් ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඩොලර් ගැටලුව ඇතුළු කරුණු රැසක් ඊට හේතු වී ඇති බවය.

කිරිපිටි ආනයනය සඳහා ආනයනකරුවන්ට යම් ඩොලර් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.