.webp)
-510130.jpg)
සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, පසුගිය සඳුදා රජයේ නායකයන් සමඟ සාකච්ඡා සඳහා ඉන්දීය ඉහළ පෙළේ බුද්ධි නිලධාරියා කොළඹට පැමිණ සිටි බවයි.
ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල් මහතා පුළුල් පරාසයක සාකච්ඡා සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බව ද එම වාර්තාවේ සඳහන්.
මේ සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ, ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ එක්ව සිටි බව ද මේ වාර්තාවේ සඳහන්ව ඇති අතර ගොයෙල් මහතා 2019 ජුනි මාසයේදී RAW ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස වැඩ භාර ගත්තේය.
සිය සංචාරය අතරතුර බැසිල් රාජපක්ෂ සමග සංචාරයට පැමිණි ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරියා වෙනම හමුවක් ද පැවැත්වූ බව ද මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.
පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා නැවත කොළඹට පැමිණි අතර ඉන්දියානු ඔත්තු සේවා ප්‍රධානියා සමග හමුව පැවැත්වී ඇත්තේ ඊට පසුදින එනම් සඳුදා දිනයේදීය.
