ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් කොළඹ වරායේ

ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවෙලා - කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය

by Staff writer 27-11-2022 | 8:43 AM

COLOMBO (News 1st) - මෙරටට ආනයනය කළ කිරිපිටි කිලෝ ලක්ෂ 04ක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඉන් කිරිපිටි කිලෝ ලක්ෂයක් කල් ඉකුත්වීමට ආසන්න බවය.

නමුත් ආනයනික කිරිපිටි තොගයක් රේගුවෙන් නිදහස් කිරීම ප්‍රමාද කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ සිද්ධියට අදාළ ආයතනය සම්බන්ධයෙන් විදේශ විනිමය නීතීවිරෝධීව රටින් පිට කිරීම පිළිබඳව මාස දෙකකට පෙර ආරම්භ කරන ලද විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්වයන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.