චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහි විරෝධතා උග්‍ර අතට..

චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහි විරෝධතා උග්‍ර අතට..

චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහි විරෝධතා උග්‍ර අතට..

කර්තෘ Staff writer

27 Nov, 2022 | 9:21 am

COLOMBO (News 1st) – චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියයාමෙන් පසු විරෝධතා ආරම්භ වූ බවයි. 

පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් ගින්න හටගත් අවස්ථාවේ පිටවීමට නොහැකිවීම හේතුවෙන් අදාළ පුද්ගලයින් මියගිය බව විරෝධතාකරුවන් සඳහන් කළ අතර ලොක්ඩවුන් කිරීම් ඉවත් කරන්නැයි විරෝධතාකරුවන් ඉල්ලා සිටී.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමකට පැමිණීම හේතුවෙන් කොවිඩ් මැඩලීම සඳහා දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ඵල රහිත බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]