.webp)
විදෙස් වාර්තා සඳහන් කළේ, සිදුවන සංක්‍රමණ අවම කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය රිෂි සුනක් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.
ගුණාත්මක බවින් පහළ උපාධි සඳහා සිසුන් පැමිණීම මෙහිදී සීමා කිරීමට නියමිත අතර, යැපෙන්නන් පැමිණීම ද සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වේ.
කෙසේ වෙතත්, ගුණාත්මක බවින් අඩු උපාධි මොනවාද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකොට නොමැති අතර බ්‍රිතාන්‍යයට 2021 වසර තුළ සංක්‍රමණිකයින් 173,000ක් පැමිණ තිබේ.
එය මේ වසරේ පන් ලක්ෂ හාරදහසක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පෙර හා සැසදීමේදී තුන්ලක්ෂ තිස්එක් දහසක වැඩිවීමක් බව, විදෙස් වාර්තා සඳහන් කර තිබේ