මුවගට සිනහවක් ගෙනා මනුස්සකම

වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් ගෙනා මනුස්සකම

by Staff writer 26-11-2022 | 8:25 PM

COLOMBO ( News 1 st ) - රටේ පවතින අර්බුද මැද ජනතාව දිනෙන් දින පීඩාවට පත්ව සිටී.

ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ගම්මැද්ද නොනැවතී ක්‍රියාත්මක වෙන්නේ, ජනතාව වෙනුවෙනි.

වසර ගණනක් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටි කුරුණෑගල, අඹන්පොල වලලිය ගමේ ජනතාවට අද(26) ගම්මැද්දෙන්, නව ජල ව්‍යාපෘතියක් ලබා දුන් අතර වලලිය, ගම්මානයට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න ගම්මැද්ද මුල පුරන්නේ, ගම්මානයේ පවුල් 300 ක පමණ පිරසකට වගේම, වලලිය මහා විද්‍යාලයේ සිසුදරුවන් 400 කට පමණ පානීය ජල ගටළුව තදින්ම දැනිලා තිබුණු පසුබිමකයි.

අද (26 ) , වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් එක්ක කරන්න, ගම්මැද්දට හැකි  වූ අතර නව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

https://fb.watch/h1Wk8oQy0B/