ප්‍රජාතන්ත්‍රවාදයට තහංචි දාන්න බෑ..

ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් - විපක්ෂ නායක

by Staff writer 26-11-2022 | 8:42 PM

COLOMBO ( News 1 st ) - ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ජනතාව ලක්ෂ ගණනින් පෙළ ගැස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ, මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි. 

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සමගි ජන බලවේගයේ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්ව සිටියහ.