මර්දනයට එරෙහි විරෝධයට පොලීසියෙන් බාධා

දූෂණය සහ මර්දනයට එරෙහි මහනුවර විරෝධයට පොලීසියෙන් බාධා

by Staff writer 26-11-2022 | 8:14 PM

COLOMBO ( News 1 st ) - සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාවක්  මහනුවර නගරයේදී අද ( 26 ) පැවැත්වුණ අතර පොදු දේපොළ විකිණීම, මර්දනය ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

විරෝධතා ව්‍යාපාරය  නම්කර තිබුණේ  " මේක නෙවෙයි ජීවිතේ - ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු" යන මැයෙනි.

මහනුවර නගරයේ ඇති ජෝර්ජ් ඊ. සිල්වා උද්‍යානය ඉදිරිපිට රැස්ව සිටි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් හා ජනතාව පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නියැලුණු අතර පසුව පිරිස මාර්ගයේ පාගමනක් යෑම සඳහා සූදානම් වූවත්  පොලිස් නිලධාරීන් විසින් පිරිස නැවැත්වීමට පියවර ගෙන තිබුණි.