ගෙවල් බිඳුම්: 9ක් පොලිස් දැලේ...

දිවයිනේ ප්‍රදේශ රැසක දේපොළ කොල්ල කෑ සැකකරුවන් 9ක් පොලිස් භාරයට..

by Staff writer 26-11-2022 | 9:25 PM

COLOMBO (News1 st ) -  දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ  කළේ, අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් උතුර, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන්  සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි.

බස්නාහිර දකුණ, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී මිරිහානේ නිවසක රුපියල් ලක්ෂ 12 ක් වටිනා භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ  වැලිකඩ ප්‍රදේශයේ නිවසකින් උත්සව භාණ්ඩ කොල්ල කෑ 36 හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.