උ. කොරියාව සමග කටයුතු කිරිමට සූදානම්

උතුරු කොරියාව සමග එක්ව කටයුතු කිරිමට සූදානම් - චීන ජනපතිගෙන් ලිපියක්

by Staff writer 26-11-2022 | 8:53 AM

COLOMBO (News 1st) - උතුරු කොරියාව සමග එක්ව කටයුතු කිරිමට තමන් සූදානම් බව චීනය පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියානු නායකයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ, කලාපීය සහ ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බවය.

කෙසේ වෙතත්, මෑත කාලයේ උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් මෙහිදී සඳහන් කර නොමැති බව ද, විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාව සහ දකුණු කොරියාව සිදුකළ ඒකාබද්ධ යුධ අභ්‍යාසවලින් පසු කොරියානු අර්ධද්වීපය ආශ්‍රීතව දැඩි ආතතියක් නිර්මාණය වී තිබේ.