ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග..

ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග..

by Staff writer 26-11-2022 | 9:28 PM

COLOMBO ( News 1 st ) - ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්විය.

ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා සංවර්ධනය සහ දිරිගැන්වීම වෙනුවෙන් මෙම මූල්‍ය ප්‍රදානය ලබාදුන් අතර මසකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කිරීමට නියමිතය.

එමගින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 178කි.