.webp)
දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය හමුවේ මෙම තත්ත්වය හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් ව්‍යාපෘති භුමියට ඇතුළු වීම අවහිර කරමින් එහි රැඳී සිටීම නිසා "විසින්ජම්" ලෙස නම් කර ඇති මෙම වරායේ වැඩකටයුතු පසුගිය මාස 03ක කාලයක් පුරා ඇනහිට තිබුණ අතර අධිකරණ නියෝගයක් මත අද( 26 ) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අදානි සමාගම උත්සහ කළත්, විරෝධතාකරුවන් එයට ඉඩ ලබා නොදුන් බවය.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ , වරාය කරා පැමිණි ට්‍රක් රථවලට විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම රථවලට ආපසු හැරී යාමට සිදුවූ බවය.
මේ ව්‍යාපෘතිය හේතුවෙන් කේරළ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට ලක්වන බවට පලවන වාර්තා අදානි සමූහ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ ව්‍යාපෘතිය එරට නීතිවලට සම්පුර්ණයෙන්ම අනුකූල බවය.