විදෙස් සිසුන් සංක්‍රමණය සීමා කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි

විදෙස් සිසුන් සංක්‍රමණය සීමා කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි

විදෙස් සිසුන් සංක්‍රමණය සීමා කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි

කර්තෘ Staff writer

26 Nov, 2022 | 9:13 pm

COLOMBO ( News1 st ) – සිය රටට පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යයේ අවධානය යොමුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සිදුවන සංක්‍රමණ අවම කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය රිෂි සුනක්  මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

ගුණාත්මක බවින් පහළ උපාධි සඳහා සිසුන් පැමිණීම මෙහිදී සීමා කිරීමට නියමිත අතර, යැපෙන්නන් පැමිණීම ද සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වේ.

කෙසේ වෙතත්, ගුණාත්මක බවින් අඩු උපාධි මොනවාද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකොට නොමැති අතර බ්‍රිතාන්‍යයට 2021 වසර තුළ සංක්‍රමණිකයින් 173,000ක් පැමිණ තිබේ.

එය මේ වසරේ පන් ලක්ෂ හාරදහසක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පෙර හා සැසදීමේදී තුන්ලක්ෂ තිස්එක් දහසක වැඩිවීමක් බව, විදෙස් වාර්තා සඳහන් කර තිබේ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]