-509952_850x460.jpg)
මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක..
මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – මෙරට කුරුළු විශේෂ අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී එම තොරතුරු අනාවරණ වූ බවයි.
දැඩි ලෙස තර්ජනයට ලක්වූ 19ක් හා තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක් වීමේ ප්‍රවණතාවය සහිත14 ක් ලෙස විවිධ අවස්ථා පවතින බවයි.
මේ අතර , තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටී.
එහිදී කුරුළු විශේෂ 244ක් අධ්‍යයනයට ලක්කර බවත්, කුරුළු විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සලකා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවලට තර්ජන එල්ල වන බව ඇය පැහැදිලි කළා ය.
අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ , මිනිසා විසින් සිදුකරනු ලබන කාරණා මත එම වාසභූමිවලට තර්ජන එල්ලවන බවත්, ඒ අනුව කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැති බවත් , කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා කසළ ආහාරයට ගැනීමෙන් එම රසායනික ද්‍රව්‍ය නිසා කුරුල්ලන් වඳවී යාමට ලක් වන බවත් ය.
මේ නිසා මිනිසා අතින් සිදු කරනු ලබන ක්‍රියාවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙස පද්මා අබේකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම එම වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළි කිරීම ,ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ඇය අවධාරණය කළා ය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි