මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට: පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත..

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට: පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත..

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට: පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත..

කර්තෘ Staff writer

26 Nov, 2022 | 6:56 am

COLOMBO (News 1st) –  මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බවය.

ඩුබායි ‍රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය කිලෝග්‍රෑම් 12,500 කි. 

මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට උපයා ගැනීමට අපේක්ෂිතය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]