
පොලිස් නිලධාරීන් පැමිණිලි විභාගයේදී අනුගමනය කළයුතු නෛතික ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට පියවර ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්
පොලිස් නිලධාරීන් පැමිණිලි විභාගයේදී අනුගමනය කළයුතු නෛතික ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට පියවර ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – පොලිස් නිලධාරීන් පැමිණිල්ලක් විභාග කිරීමේදී අනුගමනය කළයුතු නෛතික ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී, බොරලැස්ගමුව පොලිස් ස්ථානයේදී නීතිඥවරයෙකු තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට පැමිණි විට ඇයට තර්ජනය කර ඇගේ සේවාදායකයා වෙනුවෙන් පෙනි සිටීමට ඉඩ ලබා නොදීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක අතුරු නියෝගයක් නිකුත් කරමිනි.
පෙත්සම්කාරිය පවසන අන්දමට පැමිණිල්ල පොලීසිය විභාගයට ගන්නා අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතා ඇයට එම ස්ථානයෙන් පිටව යන ලෙස අණකර තිබෙන අතර එම අණ පිලිපැදීම ප්‍රතික්ෂේප කළ පෙත්සම්කාරිය එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට අයිතියක් ඇති බවය.
එවිට ඇයට තර්ජනය කරමින් ඇයව අත්අඩංගුවට ගන්නැයි බව පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා පොලිස් ස්ථානයේ සිටි අනෙකුත් නිලධාරීන්ට ඇගේ දුරකතනය සිය භාරයට ගන්නා ලෙස අණ කර තිබේ.
පොලිස් ස්ථානයේදී, සිදුවු සංවාදයේ ලිඛිත පිටපතක් පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කර තිබුණේ පොලිස් ස්ථානයේදී තමාට මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ දුරකතන ඔස්සේ පටිගත කරන ලැබු හඬපටයක් අනුසාරයෙනි.
පෙත්සම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කළේ පැමිණිලි විභාග කිරීමේදී පොලීසිය අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසත්, එම ක්‍රියා පටිපාටිය තුළ පැමිණිල්ලට සහභාගි වන සියලුම පාර්ශ්වයන්ට නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතියත් නීතිඥවරුන්ට ඔවුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට ප්‍රතිපාදන දිය යුතු බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සම්බන්ධ මෙම සිද්ධිය පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස ද නියෝග කළේ ය.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි