-510034_850x460.jpg)
අදානි සමූහයේ වරාය ව්‍යාපෘතියකට දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය: ගල්මුල් ප්‍රහාරයකුත් එල්ල වෙයි
අදානි සමූහයේ වරාය ව්‍යාපෘතියකට දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය: ගල්මුල් ප්‍රහාරයකුත් එල්ල වෙයි
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – අදානි සමූහ ව්‍යාපාරය ඩොලර් මිලියන 900ක මුදලක් වැයකරමින් දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ ඉදිකරන වරාය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමට සිදුව තිබේ.
දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය හමුවේ මෙම තත්ත්වය හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් ව්‍යාපෘති භුමියට ඇතුළු වීම අවහිර කරමින් එහි රැඳී සිටීම නිසා "විසින්ජම්" ලෙස නම් කර ඇති මෙම වරායේ වැඩකටයුතු පසුගිය මාස 03ක කාලයක් පුරා ඇනහිට තිබුණ අතර අධිකරණ නියෝගයක් මත අද( 26 ) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අදානි සමාගම උත්සහ කළත්, විරෝධතාකරුවන් එයට ඉඩ ලබා නොදුන් බවය.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ , වරාය කරා පැමිණි ට්‍රක් රථවලට විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම රථවලට ආපසු හැරී යාමට සිදුවූ බවය.
මේ ව්‍යාපෘතිය හේතුවෙන් කේරළ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට ලක්වන බවට පලවන වාර්තා අදානි සමූහ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ ව්‍යාපෘතිය එරට නීතිවලට සම්පුර්ණයෙන්ම අනුකූල බවය.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි