.webp)

මෙය කටාර් පිල මෙම ලෝක කුසලානයේ ලැබූ දෙවන පරාජය වේ.
මෙම තරගය කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර 41000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ සෙනගාල් කණ්ඩායමයි.
බූලායේ ඩියා, තරගයේ 41වන මිනිත්තුවේදී සෙනගාල් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළේ ය.
ෆමාරා ඩීඩු සෙනගාල් වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේ තරගයේ 48වන මිනිත්තුවේදීය.
දෙවන අර්ධයේ 33වන මිනිත්තුවේ ක්‍රියාත්මක වූ සත්කාරක කටාර් කණ්ඩායමේ මොහොමඩ් මුන්ටාරි සිය පළමු ගෝලය වාර්තා කළේ කටාර් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.
එය කටාර් කණ්ඩායම තරගාවලියේ වාර්තා කළ පළමු ගෝලයයි.
තරගයේ උණුසුම තවත් වැඩි කරමින් සෙනගාල් කණ්ඩායමේ තුන්වන ගෝලය වාර්තා කිරීමට ශේක් ඩීන්ග් සමත් විය.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 3ට 1ක් ලෙස සෙනගාල් කණ්ඩායම තරගය ජය හිමි කර ගත්තේ ය.
