වේල්සය පැරදු ඉරානයට ජය

වේල්සය පැරදු ඉරානයට ගෝල 2-0ක ජයක්

by Staff writer 25-11-2022 | 7:01 PM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වේල්සයට එරෙහි තරගය ඉරානය ජය ගත්තේය.

තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් වූ මෙය පැවැත්වුණේ කටාර්හි අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේදීයි.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තරගයක් දක්නට ලැබුණි.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වනවිට කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුයේ නැත.

දෙවන අර්ධයේ තරගය තවත් උණුසුම් විය.

තරගයේ ගෝල වාර්තා කිරීම ආරම්භ කළේ ඉරානයයි.

ඒ අනුව ඉරානය දෙවන අර්ධයේ දී ගෝල 2ක් වාර්තා කළ අතර වේල්සයට ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.

ඒ අනුව ඉරානය තරගය ජය ගත්තේ ගෝල 2ට 0ක් ලෙසය.