.webp)
ධුරයේ රාජකාරි අරඹමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, බහුවාර්ගික, බහුආගමික අග්නිදිග ආසියානු ජාතියේ සියලු දෙනා ඇතුළත් රජයකට නායකත්වය දෙන බවට පොරොන්දු වන බවයි.
මලයාසියානු රජ ඉදිරියේ දිවුරුම් දුන් අන්වර් ඊබ්‍රහිම්, අගනුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි ආරම්භ කළේ ය.
පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම නිසා අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මලයාසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලාටයි.
ඒ අනුව රජු විසින් අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන් යසීන් සහ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අතුරින්, අන්වර් ඉබ්‍රාහිම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට පියවර ගැනිණ.