වීසා හා අනෙකුත් ගාස්තුවල සංශෝධනයක්

දෙසැම්බර් 01 සිට වීසා හා අනෙකුත් ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි

by Staff writer 25-11-2022 | 3:19 PM

COLOMBO (News 1st) - දෙසැම්බර් 01 වැනි දා දින සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනය කර තිබේ. 

ඒ, 2023 අයවැය යෝජනාවකට අනුවයි. 

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සඳහා වන නව ගාස්තුව අමෙරිකන් ඩොලර් 2,000 කි.

ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයැදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22 ට අඩු දරුවෙකු සඳහා වන ගාස්තුව ඩොලර් 500 කි.

පුරවැසි පනත යටතේ නිකුත් කරනු ලබන සහතිකවල පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ නංවා තිබේ. 

එහි වත්මන් ගාස්තුව රුපියල් 1150 කි.

සංශෝධිත වීසා හා අනෙකුත් ගාස්තු පරිදි සංශෝධනය කර ඇත.