තරිඳු පැවරූ නඩුවක් නිෂ්ප්‍රභයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක්ට ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන පැවරූ නඩුව නිෂ්ප්‍රභ වෙයි

by Staff writer 25-11-2022 | 7:13 PM

COLOMBO (News 1st) - කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් යන මහත්වරුන්ට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා විසින් පවරා තිබූ පෞද්ගලික නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නිෂ්ප්‍රභ කර තිබේ.

මෙම නඩුව ගොනුකර තිබුණේ, පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ගාලු මුවදොර පිටියේ සිට කොළඹ අලුත්කඩේ නීතිඥ කාර්යාල දෙසට ගමන් කළ සාමකාමී පාගමනක් මෙම නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම අභියෝගයට ලක්කරමිනි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා දැක්වූ මූලික විරෝධතාවය පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩුව ඉදිරියට පවත්වාගෙනයාමට අවසරදීම නිශ්ප්‍රභ කළේ ය.