ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද ඇරඹේ..

by Staff writer 25-11-2022 | 9:07 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. 

තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඒ අනුව පළමු තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 4ක් මීට පෙර පවත්වා ඇත.

ඉන් තරග 03ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර ඇෆ්ගනිස්ථානය එක් තරගයක් ජය ගෙන සිටී.