FIFA ලෝක කුසලානයේ තවත් තරග 4ක් අද

පාපන්දු ලෝක කුසලානය උණුසුම් කරන තවත් තරග 4ක් අද

by Staff writer 25-11-2022 | 7:39 AM

COLOMBO ( News 1st) - පාපන්දු ලෝක කුසලාන තරග කාලසටහනට අනුව අද (25)  දිනයේදී  A  සහ B කාණ්ඩවලට අයත් කණ්ඩායම් තරග බිමට එක්වේ.

දිනයේ පළමු තරගය ලෙස, වේල්සය සහ ඉරානය  කටාර්හි අල් රයාන් ක්‍රීඩාංගණයේදී  තරගවදිනු ඇති.

මේ අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ, සත්කාරක කටාර් රාජ්‍ය සහ සෙනගාලය අතරයි.

නෙදර්ලන්තය සහ ඉක්වදෝරය අතර A කාණ්ඩයේ තරගය,කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

අද දිනයට නියමිත  අවසන් තරගය ලෙස B කාණ්ඩයේ පෙරමුණේ පසුවන එංගලන්තය සහ එහි තුන්වැනි ස්ථානයේ පසුවන අමෙරිකාව තරගයට එක්වනු ඇත.

තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය.