සර්බියාවට එරෙහිව බ්‍රසීලයට ජය..

ප්‍රබල බ්‍රසීලය ගෝල 2-0ක් ලෙස සර්බියාව පරාජය කෙරේ..

by Staff writer 25-11-2022 | 10:20 AM

COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සර්බියා කණ්ඩායමට එරෙහි තරගය බ්‍රසීලය ජය ගැනීමට සමත් විය.

80,000කට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන්, කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය.

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි විය.

කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තරගය සිය අතට ගත් බ්‍රසීල ක්‍රීඩකයින් සිය පළමු ගෝලය 62 විනාඩියේදී රැස් කළේ ය.

නැවත වරක් 73 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ  බ්‍රසීල ක්‍රීඩක, රිචාලිසන් බ්‍රසීල දෙවන ගෝලය රැස් කළේ, කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි.

ඒ අනුව ගෝල 2ට 0ක් ලෙස බ්‍රසීලය තරගය ජය ගත්තේ ය.