.webp)
සේවක අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැත්, ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැතිවීම හේතුවෙන්, විශ්‍රාමිකයින් යළි සේවයට කැඳවා ගැනීම ගැටලුවක් වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් විශ්‍රාමික පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්, රියදුරන් සහ නියාමකයින් ඇතුළු පිරිස් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මීට පෙර ඉල්ලා සිටි බවයි.
ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති අතර එම තත්ත්වය තුළ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල වෙමින් ඇතැයි ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ 8,000 කට අධික සේවක හිඟයක් වාර්තා වන අතර සියලු මාර්ගවල දුම්රිය කාලසටහන් සංශෝධනයට පියවර ගෙන තිබේ.
අඛණ්ඩව වාර්තා වන දුම්රිය ප්‍රමාදය අවම කිරීම වෙනුවෙන් එම සංශෝධන සිදු කිරීමට නියමිතයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංශෝධිත නව කාලසටහන් ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවයි.