ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

25 Nov, 2022 | 6:31 am

COLOMBO (News 1st) – දේශීය පුවත් 

01. ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කිරීමට සුදානම් නැහැ.. – ජනපති

 ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

02.සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි – ටිරාන් අලස්

 පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ඊයේ  (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

03.ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි..

ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය. 

04.දුමින්දට ජනාධිපති සමාවදීම ගැන කරුණු දක්වන්නැයි, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  නියෝග කළේ ය. 

05.ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්..

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදෙස් පුවත් 

01.මැලේසියාවේ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අගමැති ධුරයට…

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රාහිම් පත් කර තිබේ

ක්‍රීඩා පුවත්

01.භානුක රහිතව ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද  (25 ) ආරම්භ වීමට නියමිතයි.

02 පකිස්ථාන තරගාවලි⁣යේදී තරග පාවාදීමක් සිදු වුණා ද? පරීක්ෂණයක් ඉල්ලා ක්‍රිකට් ආයතනයෙන් ICC ලොක්කෙකුට ආරාධනා

ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරග පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]