ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන අමාතයාංශය

ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන අමාතයාංශය

ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන අමාතයාංශය

කර්තෘ Staff writer

25 Nov, 2022 | 7:41 am

COLOMBO ( News 1 st ) – පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවයි.

තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

එම කරුණු මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]