උරුගුවේ, ද.කොරියා තරගය ජය පැරදුමෙන් තොරයි

උරුගුවේ සහ දකුණු කොරියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්..

by Staff writer 24-11-2022 | 10:16 PM

COLOMBO (News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායම සහ දකුණු කොරියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අද(24) අවසන් විය.

තරගාවලියේ H කාණ්ඩයේ තරගයක් වූ මෙය දෝහා හි ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේදී පැවැත් වුණු අතර උරුගුවේ කණ්ඩායම මෙහෙයවූයේ සිය අවසන් පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ලුවිස් සුවාරිස්.

මේ අතර සුපිරි ක්‍රීඩක සොන්ග් මිංග් දකුණු කොරියා කණ්ඩායම මෙහෙයවිය.

උරුගුවේ කණ්ඩායම පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ රැදී සිටින අතර දකුණු කොරියාව එහි පසුවන්නේ 28 වන ස්ථානයේයි.

නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට දකුණු කොරියාව සමත් විය.