.webp)
නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.
ඔහු සඳහන් කරන්නේ පවතින කාලගුණ තත්ත්වයන් හා ජනතාවගේ හැසීරීම් රටාව මත මෙම තත්වයේ ඉහළ පහළ යාමක් දක්නට ලැබෙන බවයි.
එසේම වැඩිහිටියන්ට, ඉතා කුඩා දරුවන්ට හා විවිධ රෝගවලින් පෙළෙන අයට, ගර්භණි මව්වරුන්ට සේම ඖෂධ හේතුවෙන් ශරීර ප්‍රතිශක්තිය හීන වූ අයට සහ පිළිකා වැනි දිගු කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්නා අයට මෙයින් සංකූලතා ඇති විය හැකියි.
අනවශ්‍යය ලෙස බිය නොවන ලෙසත් රෝග ලක්ෂණ පහළ වුණොත් දරා ගැන්මට අපහසු නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ද ඔහු පවසයි.
රෝගයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග ලෙස කොවිඩ් රෝගයට අදාළ ව අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නිරතුරුව අනුගමනය කරන ලෙසද වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේය.