තරග පාවාදීම් ගැන සොයන්නැයි ICCයෙන් ඉල්ලයි

පකිස්ථාන තරගාවලි⁣යේදී තරග පාවාදීමක් සිදු වුණා ද? පරීක්ෂණයක් ඉල්ලා ක්‍රිකට් ආයතනයෙන් ICC ලොක්කෙකුට ආරාධනා

by Staff writer 24-11-2022 | 9:38 AM

COLOMBO (News 1st) - ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරග පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාල මන්ත්‍රීවරයාගේ චෝදනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට හානි සිදු වූ බවය.