ස්වාධීන විමර්ශන කොමිෂන් සභා ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීමට අවධානය...

by Staff writer 23-11-2022 | 7:01 PM

COLOMBO ( News 1 st ) - පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම හා දුෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදි අවධානය යොමුව තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම  කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ඒ පිළිබද අවධානය යොමු විය.

අල්ලස්, දූෂණ සහ වංචා වැළැක්වීමට විධිමත් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කර අවශ්‍ය බලතල ලබාදීමට අපොහොසත් වීම නිසා රටේ පවතින සියලුම අල්ලස් හා දුෂණ චෝදනා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට එල්ලවෙමින් පවතින බව අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබේ.