පහසු ඇඳුමින් පාසල් ආ ගුරුවරියන් ගැන විමර්ශනයක්

පහසු ඇඳුමින් පාසල් ආ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 23-11-2022 | 10:33 PM

 COLOMBO ( News 1 st ) - පාසල් ගුරුවරියන් කිහිප දෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සාම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදි අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයිද යන්න මෙහිදි සොයා බලන බවය.

ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවත් එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.