FIFA ලෝක කුසලානයේ අද තවත් තරග 4 ක්

ජර්මනිය - ජපානය, ස්පාඤ්ඤය - කොස්ටාරිකාව, මොරොක්කෝව - ක්‍රොඒෂියාව හා බෙල්ජියම - කැනඩාව අද FIFA ලෝක කුසලාන තරග බිමට

by Staff writer 23-11-2022 | 6:02 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද (23) පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරගයට එක් වන්නේ ජර්මනිය සහ ජපානයයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.

දෙවන තරගය ස්පාඤ්ඤය සහ කොස්ටාරිකාව අතර පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව අද තුන්වන තරගයට එක්වනු ඇති.

ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි. 

සිව්වැනි තරගය බෙල්ජියම හා කැනඩාව අතර අද මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වේ.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්.

ඒ අනුව ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාළිකාව වන TV1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාව ලෙස කටයුතු කරනු ඇති.

තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.