.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට අත්හිටවූ තරග තහනමක් සහ ඩොලර් 5,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය තීරණය කර තිබේ.
ඒ පසුගිය දා නිමාවුණු පන්දු වාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර චාමික කරුණාරත්න ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝණය කරමින් හැසිරුණු බවට තහවුරු වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සිදුවීම සම්බන්ධයෙන් පත්කළ, ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව, මෙම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව, චාමික කරුණාරත්නට සෑම ආකාරයේම ක්‍රිකට් තරග සඳහා වසරක අත්හිටවූ තහනමක් පැනවෙනු ඇති.