ඉන්දීය රෝ ඔත්තු සේවා ප්‍රධානියා ලංකාවට ආවාද?

ඉන්දීය රෝ ඔත්තු සේවා ප්‍රධානියා හොර රහසේ ලංකාවට ආවාද?

by Staff writer 23-11-2022 | 10:04 PM

COLOMBO ( News 1 st ) - ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානී සමන්ත් ගොයෙලේ මහතා පසුගිය දිනක රහසිගත සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇතැයි යාපනයේ පළවන කාලෙයි කදිර් පුවත්පත අද(23) අනාවරණය කර තිබේ.

පුවත්පතේ සඳහන් වන්නේ විශ්වාසනීය මූලාශ්‍රයකින් ලැබුණු තොරතුරු මත එය තහවුරු කළ  බවයි. 

රෝ ඔත්තු සේවයේ ප්‍රධානී සමන්ත් ගොයෙලේ මහතා කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති බව ද කාලෙයි කදිර් පුවත්පත සඳහන් කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව රහසිගත අයුරින් පැවති එකක් බව ද පුවත්පත් වාර්තාවේ සඳහන්.