English
தமிழ்
කර්තෘ Staff writer
23 Nov, 2022 | 10:09 am
උන්වහන්සේට එලෙස ඇප නියම කළේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියයි.
සැකකාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කොට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට රැගෙන එනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, සැකකරු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
එබැවින් සැකකාර හිමිනම ඇප මත මුදා හරින්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා ය.
සැකකාර හිමිනමට විදෙස් ගමන් තහනමක් ද පැන වූ අතර මෙම නඩු කටයුත්තට අදාලව කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු නොකරන ලෙසටත් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු බවට පැමිණිලි ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවටත් අධිකරණය නියෝග කර තිබේ.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS