සෙනගාල් පැරදූ නෙදර්ලන්තයට ජය

සෙනගාල් පැරදු නෙදර්ලන්තයට ගෝල 2-0ක ජයක් ජය

by Staff writer 22-11-2022 | 7:47 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නෙදර්ලන්තය - සෙනගාල් තරගයේ ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, ගෝල 2 ට - 0ක් ලෙසය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් වූ මෙය කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් නමුත් පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.

තරගයේ 84 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත කණ්ඩායමේ කෝඩි ගැප්කෝයි එම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය.

තරගයේ 90 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට ඩේව් ක්ලාසන් සමත් විය.

ඒ අනුව ගෝල 2ට 0ක් ලෙස සෙනගාල් රාජ්‍ය පරාජයට පත් කරමින් නෙදර්ලන්තය තරගය ජය ගෙන තිබේ.

මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 03ක් ලබා ගනිමින් නෙදර්ලන්තය  A කාණ්ඩයේ පළමු ස්ථානයට පත්විය.