වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් - පාරිභෝගික අධිකාරිය

by Staff writer 22-11-2022 | 9:02 AM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් හෙට (23) සිට දීපව්‍යාප්තව වැටලීම ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙනු ඇති.

එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳ සැල්වලට නඩු පැවරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

මෙම වැටලීම් ජනවාරි 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.