.webp)
තරගාවලියේ D කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය, කටාර් අල් රයන්හි ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
ඩෙන්මාර්කය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10වන ස්ථානයේ රැඳී සිටින අතර ටියුනීසියාවට එහි හිමිව ඇත්තේ 30 වැනි ස්ථානයයි.
කෙසේ නමුත් තරගය ආරම්භයේ සිටම ටියුනීසියාවෙන් ඩෙන්මාර්කයට ප්‍රබල අභියෝගයක් එල්ල විය.
ඒ අනුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
දෙවැනි අර්ධයේදීද කණ්ඩායම් දෙකෙන්ම තියුණු තරගයක් දක්නට ලැබුණ නමුත් එම අර්ධයේදී ද කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
ඒ අනුව තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙවැනි තරගය මෙයයි.