.webp)
COLOMBO (News 1st) - සුපිරි ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් සෞදි අරාබිය හමුවේ පරාජය විය.
ඒ ගෝල 2ට 1ක් ලෙසය.
කටාර්හි ලුසේල් ක්රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය.
සුපිරි ක්රීඩක ලියනොල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ, දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි.
ඒ අනුව පළමු අර්ධය අවසානයේදී ගෝල 1ට 0ක් ලෙස ඔවුන් ඉදිරියෙන් සිටියේය.
සෞදි අරාබිය තරගයට අවතීර්ණ වූයේ 48 වන මිනිත්තුවේදී සලේ අල්ෂෙරි රැස් කළ ගෝලය ද සමගිනි.
ඉන් මිනිත්තු 5කට පසුව ක්රියාත්මක වූ සලෙම් අල් දව්සරි තරගයේ සෞදි අරාබිය වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කළේය.
අනතුරුව ආර්ජන්ටිනාව අවස්ථා කිහිපයකදීම ගෝල රැස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.
ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 2ට 1ක් ලෙස සෞදි අරාබියට ජය හිමිකර දෙමිනි.