ආර්ජන්ටිනාව අද ලෝක කුසලාන තරග බිම⁣ට..

ආර්ජන්ටිනාව - සෞදි ආරාබිය, ටියුනීසියාව - ඩෙන්මාර්කය, මෙක්සිකෝව - පෝලන්තය අද ලෝක කුසලාන තරග බිමට

by Staff writer 22-11-2022 | 11:43 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද (22) පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරගයට එක් වන්නේ, ආර්ජන්ටිනාව සහ සෞදි ආරාබියයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.

දෙවන තරගය ටියුනීසියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

මෙක්සිකෝව සහ පෝලන්තය අද තුන්වන තරගයට එක්වනු ඇති.

ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි. 

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය.

ඒ අනුව ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV1, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාව ලෙස කටයුතු කරනු ඇති.

තරගාවලියේ සියලු තරග  TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.