අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද.. පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියයි

by Staff writer 22-11-2022 | 6:11 AM

COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වේ.

අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ආණ්ඩුවට සම්බන්ධව සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අද පැවැත්වෙන අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා සභාව සහ ජාතික ජන බලවේගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා පවසන්නේ අයවැයෙන් කරන යෝජනා යථාර්ථයක් නොවීම ගැටලුවට හේතුවී ඇති බවයි.